
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ ඉන්දීය මුදල් අමාත්‍යවරිය මුණ ගැසේ
මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය අද (01) නව දිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යංශයේ දී මුණ ගැසුණා.
ඉන්දිය නායකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයකයන් මුණ ගැසී ද්විපාර්ශ්වික වැදගත් කරුණු සාකච්ඡා කරනු ලබන පාත්ෆයින්ඩර් පදනමේ ක්‍රියාත්මක වැඩ පිළිවෙලෙහි කොටසක් වශයෙන් මෙම හමුව සිදුව තිබෙනවා.
ලෝක ආර්ථීකය දැනට මුහුණ පා සිටින කැළඹිලිකාරී ස්වභාවය සහ එයින් පැන නැගෙන බාධා හේතුකොටගෙන දකුණු ආසියාවට ඇතිවිය හැකි බලපෑම ගැන මෙම හමුවේ දී අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
ගෝලීය අභියෝග ඉදිරියේ ඉන්දීය ආර්ථීකය ස්ථාවර කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි සහ මුදල් ඇමැතිනිය ගෙන යන ක්‍රියාමාර්ග අගය කර ඇති මිලින්ද මොරගොඩ මහතා එම ක්‍රියාමාර්ග කලාපයේ ස්ථාවරත්වය හා ආර්ථීක වර්ධනයට ධනාත්මක වශයෙන් බලපා ඇති බව ද මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.