
උතුරු කොරියානු නායකයා සන්නද්ධ දුම්රියකින් චීනයට (VIDEO)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දේශසීමා තරණය කර චීනයට පැමිණ ඇති අතර, එහිදී ඔහු චීන අගනුවර වන බීජිං හි පැවැත්වෙන හමුදා පෙළපාලියකට සහභාගී වන බව වාර්තා වනවා.
හෙට පැවැත්වෙන “ජයග්‍රාහී දින” පෙළපාළියේදී කිම් චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සහ අනෙකුත් ලෝක නායකයින් සමඟ කරට කර සිටිනු ඇතැයි සහ එය ඔහුගේ පළමු බහුපාර්ශ්වික ජාත්‍යන්තර හමුව බවට පත් වනු ඇතැයි සදහන්.
කිම් ජොන් උන් අද චීනයට පැමිණියේ ඔහුගේ සන්නද්ධ දුම්රියෙන් වන අතර, එයට නැවුම් පොකිරිස්සන් මෙන්ම උසස් ප්‍රංශ වයින් සහ කෑම පිරිනමන අවන්හලක් ඇතුළත් බවට ද වාර්තා පළ වුණා.
දුම්රියේ දැඩි ආරක්ෂාව යන්නෙන් අදහස් වන්නේ එය සෙමින් ගමන් කරන බවත්, ඔහුගේ ගමනට පැය 24 ක් ගතවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, දුම්රිය චීනයට සම්භන්ධ කිරීම වාර්තා කළ දකුණු කොරියාවේ යොන්හැප් ඒජන්සිය පවසා තිබුණා.