දන්ඕවිටෙන් අමුතු ගිනිඅවියක් සමග කාන්තාවක් අල්ලයි (VIDEO)

දන්ඕවිටෙන් අමුතු ගිනිඅවියක් සමග කාන්තාවක් අල්ලයි (VIDEO)

මෙරට නිෂ්පාදනය කරන ලද T56 ගිනි අවියකට සමාන ගිණි අවියක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට දංඕවිට පොලිසියට හැකි වී තිබෙනවා.

දංඕවිට පොලිස් විශේෂ කා‍ර්යබලකායට ලද තොරතුරක් මත වේවැල්දෙනිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එම නිවසේ පඩිපෙළ යට රහස් ස්ථානයක සඟවා තිබූ මෙම ගිනි අවිය පොලිසිය සොයාගෙන තිබුණා.

පොලීසිය පැවසුවේ මාතර ප්‍රදේශයේ පදිංචි බව කියන යුද හමුදාවෙන් පළාගිය සෙබළෙක් මෙම අවිය විවිධ යකඩ කොටස් එක් රැස් කරමින් තනා ඇති බවයි.

එම සෙබලා වේවැල් දෙනිය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සමඟ කිසියම් හාදකමක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු විසින් මෙම ගිනි අවිය කාන්තාවගේ නිවසේ සඟවා තබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

හමුදා සෙබලා මීට මාස කිහිපයකට ඉහතදී මියගොස් ඇතැයි පොලීසිය සදහන් කළා.

පසුව කාන්තාව විසින් මෙම ගිනි අවිය නිවසින් බැහැර කිරීමට උත්සහ දරා ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සදහන් කළේ ටී 56 ගිනි අවිවලට භාවිතා කරන උන්ඩ මෙම අවිය සඳහා ද භාවිතා කළ හැකි බවයි.

මෙම ගිනි අවිය සංවිධානාත්මක අපරාධ සඳහා භාවිතා කළේ ද යන්න හෝ කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා භාවිතා කළේ ද යන්න පිළිබඳව දංඕවිට පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නියෝග කර ඇත්තේ සැප්තැම්බර් මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

Share This