
මෝදර පොලීසියේ ස්ථානාධිපතිට තර්ජනය කළේ කවුද? (VIDEO)
ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස්දෙනාගේ සඟවා ඇති වත්කම් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනයක් පොලිසියේ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ආරම්භ කර තිබෙනවා.
මේ අතර එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ද මේ වන විට ක්‍රියාත්මක වන බවයි.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුරේ නිලංග යන සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන සැකකරුවන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙතත් රැගෙන ගිය අතර ඔවුන් අනතුරුව රඳවනු ලැබුවේ කොළඹ වරාය පොලිසියේ විශේෂ සිර මැදිරියකයි.
මේ වන විට එම පාතාල කල්ලි සාමාජිකයින් සතුව තිබූ ජංගම දුරකථන ඔස්සේ ද මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
ඉන්දුනීසියානු පොලිසියෙන් ශ්‍රී ලංකා පොලිසියට භාර දී ඇති මෙම ජංගම දුරකථන භාවිතයෙන් ගන්නා ලද ඇමතුම් පිළිබඳ මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මෙම සැකකරුවන් මෙරට දේශපාලනඥයින් සමඟ ගණුදෙනු සිදුකර ඇත්දැයි යන්න විමර්ශන සිදුකරනු ලබන බවද පොලිසිය පවසනවා.
මේ අතර මෙම අපරාධ කල්ලි සාමාජිකයින්ගේ මෙරට දේපල හා සඟවා ඇති වත්කම් සම්බන්ධයෙන් ද මේ වන විට පොලිසියේ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ අතර මෝදර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් තර්ජනාත්මකව ලබා දෙන දුරකථන ඇමතුමක හඬ පටයක් අප වෙත ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප මෝදර පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෝදර පොලිසියේ වැඩ භාර ගැනීමෙන් පසු මෙවැනි දුරකථන ඇමතුමක් තමන් වෙත නොලැබුණු බවයි.
අදාළ තර්ජනය එල්ල වී ඇත්තේ තමන්ට පෙර සිටි නිලධාරියෙකුට විය හැකි බවද ඔහු සඳහන් කළා.