“සිහින ගමනාන්තයේ” පළමු දුම්රිය ස්ථානය නවීකරණය තල්පෙන් අරඹයි

“සිහින ගමනාන්තයේ” පළමු දුම්රිය ස්ථානය නවීකරණය තල්පෙන් අරඹයි

“සිහින ගමනාන්තය” දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනේ පළමු අදියර ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ප්‍රසන්න ගුනසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරුණා.

වර්තමනයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථාන නව ආකාරයකින් සන්නාමගත කිරීම සදහා රජය ,පෞද්ගලික අංශය සහ මහජනතාව ඒකාබදධ වූ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

ප්‍රවාහන ,මහා මාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීම මෙමගින් අපේක්ෂිතයි.

Share This