මීටියාගොඩ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙක් නුවරඑළිය – ආගරපතනේ දී අත්අඩංගුවට

මීටියාගොඩ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙක් නුවරඑළිය – ආගරපතනේ දී අත්අඩංගුවට

මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකකරනු ලබන පුද්ගලයෙකු නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මීටියාගොඩ පොලිසිය වෙත සැකකරු භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අද(03) නියෝග කළා.

මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ දී පසුගිය දා (01) මොටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැක කරනු ලබන පුද්ගලයෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිළධාරින් සැකපිට ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ආගරපතන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ආගරපතන පොලිසිය වෙත භාර දුන් සැකකරු අද (03) දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මීටියාගොඩ පොලිසිය වෙත භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය ආගරපතන පොලිසියට නියෝග කළා.

මෙසේ මීටියාගොඩ පොලිසිය වෙත භාර දෙන ලෙස නියෝග කරනු ලැබුවේ ආගරපතන හෝල්බෘක් ප්‍රදේශයේ සිය බිරිදගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් ළහිරු සම්පත් නැමති 32 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු සිය බිරිදගේ නිවසේ සැගව සිටින බවට ලද තොරතුක් මත තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිළධාරින් සැළසුමක් දියත් කර ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

Share This