අලුත් ස්කෑන් යන්ත්‍රයට කෝටි 10 කුෂ් මාට්ටු

අලුත් ස්කෑන් යන්ත්‍රයට කෝටි 10 කුෂ් මාට්ටු

රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ රේගු නිළධාරින් සමත්වී තිබෙනවා.

අද (05) උදෑසන 7.45ට පමණ එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් AI – 277 ගුවන් යානයෙන් පැමිණ ඇති මෙම ගුවන් මගියා බැංකොක් නුවර සිට දිල්ලි හරහා මෙරටට පැමිණ ඇත.

කිලෝග්‍රෑම් 10.75ක් පමණ වන මෙම කුෂ් තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ පිටවීමට යාමේදි ගුවන් තොටුපොළ රේගු නිළධාරින්ගේ භාරයට ගෙන තිබෙනවා.

මෙහි වටිනාකම රුපියල් දසකෝටි පනස් ලක්ෂයක් බව රේගු බළදාරීහු පවසති.

ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය තුළ මෑතකදී සවි කරන ලද අති නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතයෙන් මෙම කුශ් තොගය අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව ගුවන් තොටුපොළ නිලධාරීන් ප්‍රකාශ කරයි.

Share This