ඇල්ල – වැල්ලවාය අනතුරෙන් මියගිය ගණන 15ක් දක්වා ඉහළට

ඇල්ල – වැල්ලවාය අනතුරෙන් මියගිය ගණන 15ක් දක්වා ඉහළට

රටක් කම්පා කළ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ රාත්‍රියේ මේ අනතුරට මුහුණපා තිබුණේ විනෝද චාරිකාවක් ගිය තංගල්ලේ පිරිසක්.

පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් බව පොලිසිය තහවුරු කලා.

බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති අතර පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසින් එකව දැඩි වෙහෙසක් ගනු ලැබුවා.

Share This