” ප්‍රජාශක්ති ” රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

” ප්‍රජාශක්ති ” රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක ” ප්‍රජාශක්ති ” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන්වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

” ප්‍රජාශක්ති ” වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන අන්දම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ” ප්‍රජාශක්ති ” මෙරට දිළිදුකම තුරන් කිරීමේ තවත් එක් වැඩසටහනක් බවට පත් කර ගන්නවා වෙනුවට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ සමඟ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාබද්ධ කර ගනිමින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් මතු කළ ගැටලුවලට පිළිතුරු ලබා දෙමින් ඉදිරි වර්ෂවල රජයේ දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන වැඩසටහන් සියල්ලම ග්‍රාමීය මට්ටමේදී ප්‍රජා සංවර්ධන සභා විසින් හඳුනා ගන්නා සංවර්ධන වැඩසටහන් විය යුතු බවත්ල එබැවින් දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාවට ගැලපෙන ව්‍යාපෘති හඳුනා ගැනීම වෙනුවටල ව්‍යාපෘතියේ අවශ්‍යතාව සලකා බලා ප්‍රමුඛතාගත කළ යුතු බවත්ල එම ප්‍රමුඛතා අනුව ඒ ඒ අමාත්‍යාංශල දෙපාර්තමේන්තුල පලාත් සභාල පලාත් පාලන ආයත සිය ප්‍රතිපාදන වෙන් කළයුතු බවත් ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාශයේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

එමඟින් සංවර්ධනය සඳහා වැය කරන ප්‍රතිපාදන විසිරුණු අරමුණු රැසකට වැය කරනවා වෙනුවට කේන්ද්‍රීය අරමුණකට යොමු කිරීම සිදුවන බවත් පෙන්වා දෙන ලදී.

මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේල ග්‍රාමීය සංවර්ධනය සඳහා දායක වීම අපේක්ෂා කරන පෞද්ගලික අංශයේ පිරිසට පවා මෙම ව්‍යුහය තුළ සම්බන්ධ වීමට අවස්ථාව සලසා තිබීම බව අවධාරණය වුණා.

ප්‍රජාශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීමේදී සහ එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේදි දිස්ත්‍රික් ලේකම්වරුන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ප්‍රජාශක්ති වැඩසටහන පුළුල් ජාතික වැඩසටහනක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදාළ නව අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ නව උපදෙස් පිළිබඳව මෙන්ම විමධ්‍යගත අයවැය වැඩසටහනල දිස්ත්‍රික සංවර්ධන වැඩසටහන්ල ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහනල වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනල වතු ප්‍රදේශවල ආපදා නිවාස වැඩසටහන්ල හදුනාගත් පාසල්ල ක්‍රීඩා පාසල්හි පහසුකම් වැඩි කිරීම මෙන්ම අලි මිනිස් ගැටුම කළමනාකරණය සඳහා දිස්ත්‍රික් මට්ටමේ කමිටු පිහිටුවීම සහ විශේෂ අවශ්‍යතාරැ ආබාධ සහිත පිරිස් ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති වැඩසටහන් ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්හි ප්‍රගතිය සමාලෝචනය කිරීමද මෙහිදී සිදු වුණා.

Share This