මාරක අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ජීවිතක්ෂයට

මාරක අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රි 9ට පමණ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණුව ප්‍රදේශයේදී වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම බස් රථය අධික වේගයෙන් ධාවනය වී තිබුණා.

මෙම අනතුරට මුහුණ දී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ ආපසු යමින් සිටි පිරිසක්.

ඔවුන් තංගල්ල නගර සභාවේ නිලධාරීන්, සේවක පිරිසක් සහ ඔවුන්ගේ පවුලේ අය බවටයි දැනට සිදුකරනු ලබන විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුරින් මේ වන විට බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 15 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ.

මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ටී.ඩබ්ලිව්.කේ. රූපසේන හා එහි සේවකයින් ඇතුළු 15 දෙනෙකු වනවා.

Share This