
ඇල්ල – වැල්ලවාය බස් අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන් ගේ සිරුරු තංගල්ල නගරශාලාවට
ඇල්ල – වැල්ලවාය ප්රධාන මාර්ගයේ පෙරේදා (04) රාත්රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ 15 දෙනාගේ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ දේහයන් තංගල්ල නගරශාලාවේ තැන්පත් කර තිබෙනවා.
මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
තවත් 15 දෙනෙකු තුවාල ලබා ප්රතිකාර ලබනවා.
මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා හා ඇතුළු15 දෙනෙකු වනවා.