
ග්රැන්ඩ්පාස් සහ පංචිකාවත්ත වෙඩි තැබීම් වලට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරු පැදියක් බ්ලූමැන්ඩල්වලින් හමුවේ
ඊයේ රාත්රීයේ සහ අද අළුයම සිදු වූ වෙඩිතැබීම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරු පැදියක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙම යතුරු පැදිය සොයාගෙන තිබෙන්නේ කොළඹ බ්ලූමැන්ඩල් පෙදෙසේ දීයි.
ඊයේ රාත්රී ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් එක් අයකු ජීවිතක්ෂයට පත් වූ අතර අද අළුයම පංචිකාවත්ත ප්රදේශයේ සිදු වූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලැබුවා.
