
කෝච්චියට පැන්න කිඹුලාට වන ජීවී ප්‍රතිකාර (VIDEO)
කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ මොරගොල්ලාගම දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයකදී දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි කිඹුලෙක් පශු වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට හේරත්ගම වනජීවී නිලධාරීන් ඊයේ(06) කටයුතු කළා.
හේරත්ගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පියවර ගත්තේ දුම්රියේ ගැටීමෙන් තුවාල ලබා සිටි එම කිඹුලා අල්ලා ගැනීමෙන් පසු ප්‍රතිකාර සදහා නිකවැරටිය වන ජිවී පශූ වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමටයි.
දුම්රියේ ගැටිමෙන් තුවාල ලබා සිටි එම කිඹුලා ප්‍රතිකාර සදහා රැගෙන යාමට අල්ලා ගැනීමට කටයුතු කළ අවස්ථාවේ එම කිඹුලා වනජීවී නිලධාරීන්ට පහරදීමට උත්සහ ගන්නා අයුරුද දැක ගැනීමට හැකි වුණා.