
ආයතන 33 ක් වසා දැමීමේ තීරණය ගැන ජන අරගල සන්ධානය රජයේ පාරිශුද්ධ භාවය ප්‍රශ්න කරයි
රාජ්‍ය ආයතන ගණනාවක් ඈවර කිරීමට ගත් කැබිනට් තීරණය සම්බන්ධයෙන් කරුණු සගවා කටයුතු කරන බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා චෝදනා කරනවා.
නුගේගොඩදී අද (07) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පැවසුවා.
දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් පැවසුවේ කැබිනට් මාධ්‍ය හමුවේ දී වසා දැමීමට තීරණය කර ඇති ආයතන 09 ක හෙළි කළ ද ඉතිරි ආයතන මොනවාදැයි මෙතෙක් රටට හෙළිකර නැති බවයි.
මෙම ආයතන 33 මොනවාද සහ එම ආයතන වසා දැමීමට රජය තීරණය කිරීමට හේතු රටට පැහැදිළි කළ යුතුව ඇතැයි නාගමුව මහතා පැවසුවා.
දුමින්ද නාගමුව මහතා මතු කළ ප්රශ්නය වන්නේ ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජීස් ආයතනය ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගිය පාලන සමයේ ගැටලු මතු වූ ආයතනයක් වන අතර මෙම ආයතනය වසා දැමීමත් සමග ඊට එරෙහිව ඇති චෝදනා අහෝසි වන්නේ දැයි රටට පැහැදිළි කළ යුතු බවයි.
කොමන්වෙල්ත් ගේම් හම්බන්තොට ලිමිටඩ්,මිහින් ලංකා වැනි ආයතන අන්ත දූෂිත චෝදනා එල්ලවී ඇති ආයතන බවත් එම ආයතන සම්බන්ධයෙන් පවතින චෝදනා මෙම ඇවර කිරීමේ තීරණයත් සමග අහෝසි වන්නේ දැයි රජය පැහැදිලි කර නොමැති බවත් දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙනවා.
ඔහු ප්‍රශ්න කරන්නේඑ රජය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් මතධාරීන් මේ පිළිබදව ප්‍රශ්න නොකරන්නේ මන්ද යන්නයි.
මෙම වසා දැමීමට තීරණක කර ඇති ආයතන සතු වත්කම් සදහා කුමණ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ දැයි රජය රටට හෙළි කළ යුතු බවයි.
