
අනුරාධපුරේ ගෙවල් බිද ලක්ෂ ගණනක බඩු සොරාගත් සොරෙක් පොලිස් දැලේ
නිවෙස් හා හෝටල් බිඳ භාණ්ඩ සොරාගන්නාා පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට.
අනුරාධපුර නගරයේ හා අවට ප්රදේශවල නිවෙස් සහ හෝටල් බිඳ භාණ්ඩ සොරාගන්නා පුද්ගලයෙකු අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර , පණ්ඩුලගම ප්රදේශයේ පදිංචි අවුරුදු 45ක් වයසැති පුද්ගලයෙක්.
මෙම සැකකරු සමග රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා උපකරණ තොගයක්ද පොලිස් අපරාධ අංශය සොයාගෙන ඇති අතර සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනුරාධපුර නගරයේ නිවෙස් සහ හෝටල් බිඳ භාණ්ඩ සොරාගන්නා තවත් කණ්ඩායමක් පිළිබඳව අනුරාධපුර පොලිස් අපරාධ අංශය මගින් අනාවරණය කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.