මාකදුරේ මදූෂ් ගේ බිරිද පොලිස් මූලස්ථානයට එයි (VIDEO)

මාකදුරේ මදූෂ් ගේ බිරිද පොලිස් මූලස්ථානයට එයි (VIDEO)

මාකඳුරේ මදුෂ් ගේ ඝාතනයට නීතියේ සාධාරණය ඉල්ලා ඔහුගේ බිරිඳ පොලිස් මූලස්ථානයට.

මාකඳුරේ මදුෂ් ඝාතනය වීම තුළ විශාල කුමන්ත්‍රණයක් තිබූ බවත් එය පිටුපස සිටි සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මාකඳුරේ මදුෂ් ගේ බිරිඳ ගයානි මුතුමාලි මහත්මිය සමග නීතිඥ සේනක පෙරේරා,සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු නදිමාල් සිල්වා ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානය වෙත අද(10) පැමිණියා.

පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ල බාරදීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මාකදුරේ මදූෂ් හෙවත් මදූෂ් ලක්ෂිත ඝාතන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

මාකඳුරේ මදුෂ් වසරකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට මාරු කර දින හතරක් තුළදී මෙම ඝාතනය සිදුවූ බවත් මෙම ඝාතනයට එවකට සිටි පොලිස්පතිවරයා ඇතුළු කිහිපදෙනෙකු වගකිය යුතු බවත් ඔවුන් පවසනවා.

මාකඳුරේ මදුෂ් ඇසුරු කළ සහ ඔහුගේ වත්කම් පිළිබඳ බොහෝ දෙනා දැන සිටි බවත් බොහෝ කරුණු යටපත් කිරීම උදෙසා මෙවැනි ඝාතනයක් සැලසුම් සහගතව සිදු කර ඇති බවයි ඔවුන් චෝදනාකරන්නේ.

Share This