වියත්පුරෙන් සහන මිලට ගෙවල් ගත්ත මන්ත්‍රී ලිස්ට් එක මෙන්න (VIDEO)

වියත්පුරෙන් සහන මිලට ගෙවල් ගත්ත මන්ත්‍රී ලිස්ට් එක මෙන්න (VIDEO)

වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් සහන මිලට නිවාස ලබාගැනීමට ඉල්ලීම් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔවුන් ඒ වෙනුවෙන් අත්තිකාරම් මුදල්ද ගෙවා අවසන් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

2022 මැයි මස 9 වැනිදා රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වයේ ප්‍රතිපලයක් ලෙස නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත ලබාදීමට 2022 ජූලි 4 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබුණා.

එලෙස ලබාගත් නිවාස සින්නක්කරව තමන් වෙත ලබා දෙන ලෙස එම නියෝජිතයින් ඉල්ලීම් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වර්තමාන රජයද සිය ස්ථාවරය දැනුම් දුන්නා.

ඒ අනුව එලෙස මුදල් බැරකර ඇති නියෝජිතයින්ගේ නාමාවලියක්ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එලෙස මුදල් තැන්පත් කළ මන්ත්‍රිවරු වන්නේ ,

ප්‍රේමනාත් සී. දොළවත්ත
සුමිත් උඩුකුඹුර
සහන් ප්‍රදීප් කුමාර
චින්තක අමල් මායාදුන්න
මිලාන් ජයතිලක
අශෝක ප්‍රියන්ත
ලලිත් වර්ණකුමාර
ජානක තිස්සකුට්ටිආරච්චි
අජිත් රාජපක්ෂ
එච්.එම්.ඩී.බී. හේරත්
එස්.එම්.එම්. මුසාරෆ්
කුමාරසිරි රත්නායක
පී.ඒ.කේ. අතුකෝරළ
ශෙහාන් සේමසිංහ
කුලසිංහම් දිලීපන්
නිමල් පියතිස්ස
ගාමිණි වළේබොඩ
මොහොමඩ් මුසම්මිල්
එස්.එම්. චන්ද්‍රසේන
අසංක නවරත්න
ගාමිණි ලොකුගේ
මහින්ද යාපා අබේවර්ධන
පියල් නිශාන්ත
ඩී. වීරසිංහ
ශාන්ත වීරසිංහ
අරුන්දින ප්‍රනාන්දු
ප්‍රසන්න රණතුංග
එම්.ඒ.ආර්. අලි සබ්‍රි
චමින්ද සම්පත්
ඒ අනුව මුදල් තැන්පත් කර ඇති නිවාසවල සාමාන්‍ය වටිනාකම රුපියල් මිලියන 13 ත් 21ත් අතර අගයක් වන බවයි වාර්තා වන්නේ.

Share This