ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මතයි

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත පිළිබද දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පර්ලිමේන්තුවේ වැඩිඡන්ද 150 කින් සම්මත වුණා.

මේ සදහා එක් ඡන්දයක් විරුද්ධව භාවිත වූ අතර එම ඡන්දය ප්‍රකාශ කළේ චාමර සම්පත් මන්ත්‍රීවරයායි.

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඊයේ කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බවත්, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළා.

 

Share This