
නිල නිවසින් යන්න කලින් මහින්ද බලන්න ආ පිරිස
කොළඹ විජේරාම පාරේ පිහිටි නිල නිවසින් පිටත්ව යාමට සූදානම්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට විදෙස් නියෝජිතයින් දේශපාලකයින් මෙන්ම පාක්ෂිකයින් පැමිණ තිබෙනවා
ඒ අනුව චීන තානාපතිවරයාද එහි පැමිණ ඇති බව සඳහන්
හිටපු ජනාධිපතිවරයා පස්වරු 01 පමණ වන විට හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ
මේ අතර හිටපු ජනාධිපතිවරයා ඉන් පිටව යාමට පෙර දරුවන් එම නිවසින් පිටත්ව යන අයුරු දක්නට ලැබුණා