
නගර සංවර්ධන අධිකාරියේ හිටපු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
නගර සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් සහ හිටපු අධ්යක්ෂ (ඉඩම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්
කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩමක් තාවකාලික බදු පදනම මත ලබා දීමේදී රජයට රුපියල් 29,519,666.16 ක මුදලක් පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික හිටපු අධ්යක්ෂ ජනරාල් සම්පත් සුමේධ පුජිත රත්නායක සහ විශ්‍රාමික හිටපු අධ්යක්ෂ (ඉඩම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති කොස්වත්ත ලියනගේ වීරවංශ පෙරේරා යන අයයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා