
ජනපති සහ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) නියෝජිතයන් අතර හමුවක්
ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම, නීති රීති සම්පාදනය සහ නියාමනය රජය විසින් සිදු කරනු ලබන බවත්, දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දෙමින් ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගැනීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) නියෝජිතයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමින්.
ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති අභියෝග සහ ගැටලු පිළිබඳව මෙහිදී එම නියෝජිතයින් ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, ඊට අදාළ යෝජනාද ඉදිරිපත් කළා.
රාජ්‍යය නූතනත්වයට ඔසවා තැබීම කෙරෙහි මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එහිදී රාජ්‍ය සේවයට අවශ්‍ය නවීන තාක්ෂණය සහ පහසුකම් ලබාදීම මෙන්ම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ කෙරෙහිද විශේෂ අවධානයක් යොමුව තිබෙන බව සඳහන් කළා.
2026 අයවැය වෙනුවෙන් තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කර තිබෙනවා.
එමෙන්ම, ඔවුහු මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගන්වා තිබෙනවා.