රුසියාවේ  රික්ටර් මාපකයේ 7.5 ක භූමි කම්පාවක්

රුසියාවේ රික්ටර් මාපකයේ 7.5 ක භූමි කම්පාවක්

රුසියානු ඈත පෙරදිග ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවක් සිදුවී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

මෙම භූ කම්පනය වාර්තා වී ඇත්තේ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයෙන් ඔබ්බේයි.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසන්නේ භූමිකම්පාව හේතුවෙන් ජපාන වෙරළ තීරයේ සුළු වඩදිය බාදිය වෙනස්කම් ඇති විය හැකි බවටයි.

රට තුළ භූමිකම්පාවෙන් සිදුවන හානිය පිළිබඳව කිසිදු අවදානමක් නොමැති බව එම ඒ ජන්සිය පැවසුවා.

Share This