ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දේශපාලන උපදේශන තුන්වැනි වටය අවසන්

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දේශපාලන උපදේශන තුන්වැනි වටය අවසන්

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර දේශපාලන උපදේශනවල තුන් වැනිවටය ඊයේ (12) කොළඹ දී අවසන්ව තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය දෙරට අතර ලබන වසරේදී සැමරෙන රාජ්‍ය තාන්ත්‍රික සබදතා වල 65 වැනි සංවත්සරය නිමිත්තෙන් පිලිපීනය එහි ධුත මණ්ඩලය කොළඹදී නැවත විවෘත කිරීම සලකා බලනු ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා.

ආසියාන් සංවිධානයේ මීළඟ සභාපතිත්වය භාර ගන්නා අවස්ථාවේ දී ශ්‍රී ලංකාව, පිලිපීනය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බව අරුණි රණරාජා මහත්මිය වැඩි දුරටත් සදහන් ක‍ර තිබෙනවා.

දේශපාලන උපදේශනවල මීළඟ වටයේ සාකච්ඡා ලබන වසරේ දී පිලිපීනයේ, මැනිලා හිදී පැවැත්වීමට නියමිතයි.

Share This