ලබන වසරේ පාසල් වාරසටහන  වෙනස් වේ

ලබන වසරේ පාසල් වාරසටහන වෙනස් වේ

ලබන වසරේ අනුගමනය කළ යුතු පාසල් වාරසටහන අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු වාරය ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ වී පෙබ‍රවාරි 13 වැනි සිකුරාදා දක්වා පැවැත් වෙනවා.

දෙවන අදියර ඇරඹෙන්නේ ලබන වසරේ මාර්තු 03 වැනි අඟහරුවාදා සිට අප්‍රේල් 10 වැනි සිකුරාදා දක්වා පැවැත් වෙනු ඇති.

අප්‍රේල් මස 11 වැනිදා සිට අප්‍රේල් මස 19 දක්වා නිවාඩු හිමිවනවා.

පසල් දෙවන වාරය ඇරඹෙන්නේ අප්‍රේල් මස 20 වැනිදා සිට ජූලි මස 24 වැනි සිකුරාදා දක්වායි.

තෙවන වාරයේ පළමු අදියර ජූලි 27 වැනි සදුදා සිට අගෝස්තු 07 වැනිදා තෙක් පාසල් පැවැත්වෙනවා.

පාසල් නිවාඩු කාලය ලෙස දක්වා ඇත්තේ අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් මස 06 වැනිදා දක්වායි.

පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර සැප්තැම්බර් 07 වැනිදා සිට දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා තෙක් ක්‍රියාත්මක වනු ඇති.

 

Share This