ගැමුණු විජේරත්න ආණ්ඩුවට රතු එළි දල්වයි (VIDEO)

ගැමුණු විජේරත්න ආණ්ඩුවට රතු එළි දල්වයි (VIDEO)

මගී ප්‍රවාහන බස් රථ සදහා යෝග්‍යතා සහතික වසරකට වරක් ලබාගන්නා බවත්, කිලෝමීටර සියයෙන් සියයට යෝග්‍යතා සහතික ගැනීම ප්‍රායෝගික නොවන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

මාධ්‍ය හමුවකට එක් වෙමින් විජේරත්න මහතා පැවසුවේ බස් රථවල රියදුරු සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බව සහ මුහුදුබඩ මාර්ගයේ බස් රථවල එවැනි ක්‍රියා බහුලව සිදුවන බවයි.

එම ක්‍රියා සොය බලන ලෙස විජේරත්න මහතා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් ද කළා.

ඔහු සදහන් කළේ බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට චක්‍රලේඛනය නිකුත් කරන විටත් බස් රථ පනස් ගණනකට අවසර ලබාදී අවසන් බවයි.

” බස් රථවල අනවශ්‍ය අංග උපාංග ඉවත් කිරීම ඉතා හොඳ ක්‍රියාවක්. හැබැයි ඒ වගේම අනෙකුත් වාහන වලත් අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට කටයුතු කරන්න ඕනේ. අනතුරු වෙන්නේ බස් රථවලින් පමණක් නෙමෙයි” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවා.

Share This