කෝටි අට හමාරකට අධික කුෂ් ඉන්දියානුවාගේ ගමන් මල්ලෙන් මතු වේ

කෝටි අට හමාරකට අධික කුෂ් ඉන්දියානුවාගේ ගමන් මල්ලෙන් මතු වේ

රුපියල් අට කෝටි පනස් හතර ලක්ෂ විසි දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු , කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ” රැන්ඩි ” නැමති නිල පොලිස් සුනඛයාගේ සහාය මත , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගත්තේ ඊයේ (13) පස්වරුවේයි.
අත්අඩංගුවට ගත් ගුවන් මගියා ඉන්දියාවේ, චෙන්නායි හි පදිංච් 33 හැවිරිදි ජායාරූප ශිල්පියෙක් .

ඔහු ඊයේ උදෑසන 09.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 139 දරන ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ රැදී සිටිය දී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහුගේ ගමන් මලු ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීන් පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) පරීක්ෂාවකට ලක් කිරීමේ දී එහි සැක කටයුතු යමක් ඇති බව දර්ශනය වීමත් සමග , ” රැන්ඩි ”  නැමති පොලිස් නිල සුනඛයා , එම ගමන් මල්ල ඉව කර අදාල මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණා.

ඒ අනුව මෙම ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී , ඔහුගේ ගමන් මල්ල තුළ පැකැට් 16 ක් ලෙස සකස් කර ඇසුරුම් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 542 ක් සගවා ගෙන තිබියදී  සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

 

Share This