
ආදායම් බලපත්ර, රක්ෂණ සහතිකය සහ මාර්ග බලපත්ර කිසිවක් නොමැතිව ගල්කිස්ස – මොරටුව බසයක් ධාවනය කරලා
ආදායම් බලපත්ර, රක්ෂණ සහතිකය සහ මාර්ග බලපත්ර කිසිවක් නොමැතිව දීර්ඝකාලයක සිට මාර්ගයේ ධාවනය කර ඇති මගී ප්රවාහන බස් රථයක් මොරටුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොරටුව පොලිසිය සිදුකළ සෝදිසියකින් පසුව ආදායම් බලපත්ර, රක්ෂණ සහතිකය සහ මාර්ග බලපත්ර කිසිවක් නොමැතිව දීර්ඝකාලයක සිට මෙම බස් රථය මාර්ගයේ ධාවනය කර ඇති බව හෙලිවී තිබෙනවා.
ගල්කිස්ස – කොට්ටාව මාර්ගයේ ධාවනයට යොදවාතිබූ මාර්ග අංක 255 ‘සිංහ කොල්ලෝ’ නමැති මගී ප්රවාහන බස් රථයයි මෙලෙස පොලීසිය භාරයට ගෙන ඇත්තේ.
මෙම බස් රථයේ හදිසි දොරටුව මෙන්ම මගී ආසන ලණුවලින් ගැට ගසා අනාරක්ෂිත ආකාරයට බස් රථය ධාවනය කර ඇතැයි පොලීසිය පවසනවා.
49 හැවිරිදි මෙම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පිළියන්දල මාම්පේ ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ආදායම් බලපත්රයක් නොමැතිව ධාවනය , රක්ෂණ සහතිකය සහ මාර්ග බලපත්ර නොමැතිව ධාවනය සහ අනාරක්ෂිතව මගී ප්රවාහනය යන කරුණු යටතේ ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලීසිය පැවසුවා.