
විදුලිබල මණ්ඩලයේ සමාගම් සියල්ල රජය සතුයි
2025 අංක 14 දරන ශ්‍රි ලංකා විදුලිබල සංශෝධන පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩල තනි ආයතනය ඉදිරීයේදී රජයට අයත් තනි සමාගම් 6කට කොටස් කරන බව විදුලිබල ක්ෂේත්රය ප්‍රතිසංස්කරණ කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් පුබුදු නිරෝශන් හැඩිගල්ලගේ මහතා පවසනවා
අද (15) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා
විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් ප්‍රධාන වශයෙන් සමාගම් කොටස් 4කට අනුයුක්ත කරන බවත් ඉතිරි සමාගම් 2කට කිසිදු සේවකයෙක් අනුයුක්ත නොකරන බවත් ඊට වෙනම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී සඳහන් කළා
එමෙන්ම සමාගම් 4න් 1කට සේවකයින් අනුයුක්ත කරන බවට මේවන විටත් දැනුම් දී තිබෙනවා
කෙසේ වෙතත් එහිදී සේවකයින්ට ගත හැකි තීරණ දෙකක් ලෙස එම අනුයුක්ත වී ඇති සමාගමට අනුයුක්ත වීමට කැමැත්ත ප්‍රකාශ කිරීම සහ පැවරීමේ යෝජනාව භාරගැනීම ප්‍රතික්ෂේප කරන්නේනම් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාමේ ක්‍රමවේදයක් ලබා දී ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ.