
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පුණ්‍ය මහෝත්සවය
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නිල වශයෙන් ආරම්භ කොට වසර 36 ක් පිරීම නිමිති කරගෙන වාර්ෂිකව සිදුකරණ පරිත්‍රාණ ධර්ම දේශනය මෙවරත් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායකත්වය දරණ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනා.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පරවාහැර චන්දරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කරණ ලද මෙම අවස්ථාවට ප්‍රංශයේ වැඩවසන මහා සංඝ රත්නය සහ ඉතාලිය හා ශ්‍රී ලංකාවෙන් වැඩම කරණ ලද ගරුතර නායක ස්වාමීන්වහන්ස්ලා සහ බංග්ලාදේශ ස්වාමීන් වහන්සේලාත් සහභාගී වුනා.
බුද්ධ පූජා පින්කමෙන් ආරම්භවූ මෙම පුණ්‍ය කර්මය රාත්‍රි පැවති පරිත්‍රාණ ධර්ම දේශනයෙන් අනතුරුව සැම දෙනාටම ආශීර්වාද කරමින් පිරිත් පැන් හා පිරිත් නූල් ලබාදීමෙන් අවසන් කෙරුණි.
පසුවදා උදේ පරිත්‍රාණ ධර්ම දේශනය සහභාගීවූ මහා සංඝ රත්නයට හීල් දානය පිරිනැමීමෙන් මෙම සංවත්සර පිංකම අවසන් වුනා.