මඩකලපුව නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර පරීක්ෂාකිරීමේ දැවැන්ත වැටලීමක්!

මඩකලපුව නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර පරීක්ෂාකිරීමේ දැවැන්ත වැටලීමක්!

මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය යටතේ ඇති මඩකලපුව නගරයේ සෞඛ්‍ය නිලධාරීන් ඊයේ (16) සිදුකළ වැටලීමක දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන අලෙවි කළ ව්‍යාපාරික ආයතන 27කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 52ක් සහ සෞඛ්‍ය නිලධාරීන් හය දෙනෙකු සහභාගී වූ මෙම වැටලීමේ දී අවන්හල් 76ක හදිසි සෝදිසි කිරීම් සිදු කර තිබුණා.

මෙම පරීක්ෂා කිරීම් මඩකලපුව, කලුවන්චිකුඩි, කාත්තන්කුඩි, පට්ටිපලයි සහ කිරන් යන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශවල සිදු කර තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්. මුරලීස්වරන් මහතා පැවසුවේ මෙම පිරිසට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව ගොනු කරන බවයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිසින ලද සහ ඇසුරුම් කරන ලද ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් අතර, අධිකරණ නියෝගය මත ඒවා විනාශ කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පැවසුවා.

Share This