“බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” දෙසැම්බර් 02 දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

“බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” දෙසැම්බර් 02 දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන දෙදෙනා දෙසැම්බර් 02 දක්වා ‍රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) අවසර ලබා දුන්නා.

වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ඉදිරිපත් කෙරුණේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා හා දරුදෙදෙනා ඝාතනය මෙහෙයවීමේ චෝදනා සම්බන්ධයෙනුයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මේ, “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” ඇතුළු 05 දෙනෙකු පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒ මෙන් අනතුරුව ඔවුන් ගෙන් ලබාගත් තොරතුරු අනුව මත්ද්‍රව්‍ය වැටලීම් සහ පතාල ක්‍රියාකරුවන් රැසක් අත් අඩංගුවට ගත්තා.

Share This