
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට දුම්රිය ස්ථානවල පහසුකම්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ටද භාවිත කළ හැකි පරිදි උඩරට මාර්ගයේ දුම්රිය ස්ථානවල පහසුකම් සකස් කරන ලෙස අධිකරනය අද නියෝග කළා.
ඒ ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනී එන්.ජී. කමලාවතී මහත්මිය ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
එහිදී වවුනියාව දක්වා දුම්රිය ස්ථාන නවීකරණයේදී ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බවටත් අධිකරණය තීන්දු කළා.