
සබරගමුවේ හිටපු මහාමාර්ග ඇමති අතුල කුමාර රිමාන්ඩ්
රුපියල් කෝටි 7ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද ලබන ඔක්තෝම්බර් මස දෙවැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ මහේස් පීරිස් මහතා අද නියෝග කළා.
2016සහ 2017 වසරවල සිදු කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති 77කට අදාළ ව්‍යාපෘති සිදු නොකිරීම පිළිබඳව පොදු දේපළ පනතට යටත් චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබෙනවා.