දෙහිවල මහල් නිවාසයක් පිටුපස විදේශිකයකු ගේ මළ සිරුරක්

දෙහිවල මහල් නිවාසයක් පිටුපස විදේශිකයකු ගේ මළ සිරුරක්

දෙහිවල ද අල්විස් මාවතේ අංක 35 දරන ස්ථානයේ පිහිටි Trend Marine නැමති මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකින් ඇද වැටී මිය ගිය බවට සැකකරන විදේශීය ජාතික පුද්ගල මළ සිරුරක් ඊයේ සොයා ගත් බව දෙහිවල පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මහල් නිවාස සංකීර්ණය පිටුපස පිහිටි නිවසක් පිටුපස වැටී සිටිය දී මෙම මළ සිරුර පොලිසිය සොයාගත් බවයි.

මෙරට පුද්ගලික අංශයේ සේවයේ නියුතු චීන සහ මියන්මාර් ජාතිකයින් මෙම නිවාස සංකීර්ණයේ දසවන මහලේ රැදී සිටින අතර මෙම පුද්ගලයා එම මහලින් වැටී මෙසේ මිය යන්නට ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

එහෙත් මියගිය පුද්ගලයා පිළිබඳව මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති අතර මොහු මියගිය ආකාරය පිළිබදවද මෙතෙක් කිසිදු සදහනක් ලැබී නැහැ.

සිද්ධිය වූ ස්ථානයට ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් හා මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්‍ෂණ සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.

ඒ අනුව මියගිය විදේශිකයාගේ භාරකරුවන් හඳුනාගන්නා තෙක් දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන තිබෙනවා.

Share This