
මවක් දරු තිදෙනාට වස පානය කරවා සිය දිවි නසාගනී
උඩුදුම්බර, දඹගහපිටිය, හපුදණ්ඩුවල ප්‍රදේශයේ දී මවක් තම දරු තිදෙනාට වස පානය කිරීමට සලස්වා ඇයද වස පානය කර ඇති බව වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ මේ වනවිට එම මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දරු තිදෙනා නිරුපද්‍රිතව උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය මානසික ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වනවා.
ඇගේ සැමියා මීට දින දෙකකට පමණ පෙර මියගොස් ඇති අතර, 34 හැවිරිදි වියේ පසු වූ ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටියදී එලෙස මියගොස්ැතැයි සදහන්.
එමෙන්ම වයස අවුරුදු 12, 10 හා 5 වයස්වල පසු වූ දරු තිදෙනා පිරිමි දරුවන් වන අතර, ඔවුන්ට ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව සඳහන්.
මෙහිදී පොලීසිය සඳහන්කර සිටියේ මෙම පවුලේ සුබසාදන කටයුතු වෙනුවෙන් පොලීසිය ඉතා සමීපව කටයුතු කරමින් සිටි බවයි.