විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට විදුලි ඇමති උත්තර දෙයි (VIDEO)

විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට විදුලි ඇමති උත්තර දෙයි (VIDEO)

විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හුදු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් වන අතර, වර්ජකයින්ට කිසිදු කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීම සඳහා කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

මේ අතර ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය පවසන්නේ විදුලිබල මණ්ඩල නව පනතේ අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රමවේදයට විරුද්ධ වීම, ඇතුළු කරුණු 24ක් මුල් කර ගනිමින් විදුලි සේවකයන් විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ඉකුත් 4 වැනිදා සිටයි.

අනතුරුව විදුලි සේවකයින්, කාණ්ඩ 2ක් යටතේ දින 2ක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ද දියත් කරනු ලැබුවා.

ඊට සමගාමීව කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ පස්වරුවේ විරෝධතාවක් ද පැවැත්වුණා.

එමෙන්ම ඔවුන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන 21වනදා මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක කිරීමට අදාළ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

මේ අතර විදුලිබල මණ්ඩලයේ සේවකයින් විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හුදු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවත්, වර්ජකයින්ට කිසිඳු කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කිරීම සඳහා කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවත් විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

Share This