වැව් රක්ෂිත මැනීම් කළාට අනවසර ඉදිකිරීම් ෛවත් කරන තීරණයක් නෑ   (VIDEO)

වැව් රක්ෂිත මැනීම් කළාට අනවසර ඉදිකිරීම් ෛවත් කරන තීරණයක් නෑ (VIDEO)

වැව් රක්ෂිත මැන සලකුණු කිරීමට මිස එහි ඉදිකිරීම් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති පසුබිමක වාරිමාර්ග නිලධාරීන් එසේ කිරීම ප්‍රශ්න සහගත බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී පවසනවා.

අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර ඇත්තේ ඊයේ උතුරුමැද පළාත් සභා ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් පළ කරමින්.

රජරට වැව්වල සීමා සලකුණු කිරීමට ආණ්ඩුව ගත් තීරණයත් සමඟ තමන්ගේ නිවාස අහිමි වීමේ අවධානමක් පවතින බව කියමින් මේ වන විට එම වැව් ආශ්‍රිත පදිංචිකරුවන් විරෝධතා මතු කරමින් සිටිනවා.

ඊයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද මේ පිළිබඳව අදහස් පළ වුණා.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමයේ 55 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදීද වැව් සීමා සලකුණු කිරීම සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා.

Share This