එ.ජා.ප. නායකයා තමන් අත්අඩංගුවට ගැනීමට හේතු කියයි (VIDEO)

එ.ජා.ප. නායකයා තමන් අත්අඩංගුවට ගැනීමට හේතු කියයි (VIDEO)

තමන් අත්අඩංගුවට ගැනීමට හේතුවූ සංචාරය පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොළඹ පැවති 79 වැනි සංවත්වතසරයේ දී පැහැදිළි කළා.

එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙම සංවත්සරය පැවැත්වීමට එක් හේතුවක් වූයේ තමන් අත් අඩංගුවට පත්වූ අවස්ථාවේ එක් වූ සියලු දෙනාට ස්තුති කි‍රීමට බවයි.

තමන් කියුබාවට ගොස් පසුව නිව්යෝක් බලා ගියේ ලෝක බැංකු නියෝජිතයින් සහ අයි.එම්.එෆ්. නියෝජිතයින් සමග රටේ ආර්ථිකය ගැන සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට බවයි.

පසුව ආපසු එන ගමනේ දී ලන්ඩනයට ගොස් රැයක් ගතක‍ර ආපසු පැමිණියේ ආරාධනයකට අනුව බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

මෙය සම්පූර්ණ නිල ගමනක් බවත් නීතිඥවරුන් ගේ උපදෙස් අනුව වැඩි තොරතුරු කතා කළ නොහැකි බවත් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

Share This