අනුරාධපුර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා වන පාසලක දරුවන්ට ලිංගික අපයෝජන සිදුකළ බවට චෝදනා (VIDEO)

අනුරාධපුර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා වන පාසලක දරුවන්ට ලිංගික අපයෝජන සිදුකළ බවට චෝදනා (VIDEO)

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පාසලක ඉගෙනුම ලබන දරුවන් බරපතල ලෙස ලිංගික අපයෝජනයන්ට මුහුණ දෙන බවට අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඊයේ (19) අනාවරණ වුණා.

මේ සිද්ධීන්ට අදාළව පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවත් වාර්තා වනවා.

අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා වන මෙම පාසලේ පරිපාලන කටයුතු, උතුරු මැද පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පාලක මණ්ඩලයක් විසින් සිදු කරනු ලබනවා.

එය ලියාපදිංචි වී තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් ලෙසයි.

මෙහි අධ්‍යාපන කටයුතු සිදු කරන සියලු ළමුන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වන අතර ඔවුන්ට බරපතල ලිංගික අපචාර ක්‍රියාවලට මුහුණ දෙන්නට සිදුව ඇති බව හෙළිව තිබෙනවා.

ඒ පිළිබදව මව්පියන් විසින් විවිධ අවස්ථාවල පාලක මණ්ඩලයට පැමිණිලි ද සිදු කර ඇති අතර පාසලේදි සිය දරුවන්ට සිදුවන අකටයුතුකම් පිළිබද මව්පියන් විරෝධතා ද පවත්වා තිබුණා.

මිට මාස කිහිපයකට පෙර මවක්, පාසල නිමවීමෙන් පසු පාසලට පැමිණ දරුවා පන්ති කාමරයේ නොමැති බව දැක ඇය, දරුවා සෙවීමේදි කිසියම් පුද්ගලයෙක් විසින් සිය දරුවා ලිංගික අපචාරයට ලක්කරන බව දැක ඒ බව පොලිසියටද පැමිණිලි කර තිබුණා.

ඊට අමතරව පසුගිය සතිය තුළ ද එම පාසලේ දරුවන්ට සිදුවූ ලිංගික අපචාර 3 ක් පිළිබදවද අනාවරණ වී ඇති අතර ඊට සැකපිට පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික,අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

අදාළ පාසල පවතින තත්ත්වය පිළිබද ඊයේ පැවති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ද සාකච්ඡාවට ලක්කෙරුණා.

Share This