
රුසියානු යුද ගුවන් යානා ගුවන් සීමා උල්ලංඝනය කළ බවට එස්තෝනියාවෙන් චෝදනා
රුසියානු යුධ ගුවන් යානා ඊයේ තම ගුවන් සීමාව උල්ලංඝනය කිරීමෙන් පසු එස්තෝනියාව අනෙකුත් නේටෝ සාමාජිකයින් සමඟ සාකච්ඡා ඉල්ලා තිබනවා.
රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා තුනක් “අවසරයකින් තොරව එස්තෝනියානු ගුවන් කලාපයට ඇතුළු වී ෆින්ලන්ත බොක්ක හරහා මුළු මිනිත්තු 12 ක් එහි රැඳී සිටි” බව රජය චෝදනා කරනවා.
නේටෝවේ නැගෙනහිර කොටස ශක්තිමත් කිරීම සඳහා ඉතාලිය, ෆින්ලන්තය සහ ස්වීඩනය ජෙට් යානා සමඟ පොර බැදු බව, නේටෝ ප්‍රකාශකයෙකු පැවසු අතර එය “රුසියානු නොසැලකිලිමත් හැසිරීම සහ නේටෝවේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පිළිබඳ තවත් උදාහරණයක්” බවයි.
රුසියාව, එස්තෝනියානු ගුවන් සීමාව උල්ලංඝනය කළ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නේටෝ සාමාජිකයින් දෙදෙනාම – රුසියානු ඩ්‍රෝන යානා ඔවුන්ගේ ගුවන් සීමාව උල්ලංඝනය කළ බව පැවසීමෙන් පසුව යම් කිසි උනුසුම් වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.