
නෙදර්ලන්ත සංක්‍රමන විරෝධී ගැටුම් උත්සන්න වේ
නෙදර්ලන්තයේ, හේග්හි ප්‍රචණ්ඩකාරී සංක්‍රමණ විරෝධී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ඊයේ(20) එරට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදාගෙන තිබෙනවා.
විශාල පිරිසක් පොලිසිය සමඟ ගැටුණු අතර, ඇතැමුන් ගල් හා බෝතල් වලින් පොලිස් නිලධාරීන්ට පහර දුන්නා.
නගරය හරහා ගමන් කළ අධිවේගී මාර්ගයක් අවහිර කළ 1,500 ක පමණ ජනතාව, පොලිස් මෝටර් රථයකට ගිනි තැබූ බව නෙදර්ලන්ත ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළා.
එරට අගමැති ඩික් ෂූෆ් “නිර්ලජ්ජිත ප්‍රචණ්ඩත්වයේ කම්පන සහගත සහ අමුතු ස්වරූපය ” හෙළා දුටු අතර එය “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි” බව පවසා තිබෙනවා.
ඕලන්දයේ සංක්‍රමන විරෝධී ගැටුම් උත්සන්න වේ