
පෙම් හබයක් දුරදිග ගොස් තරුණයෙක් තවත් තරුණයකු ඝාතනය කරලා
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් තරුණයෙකු තවත් තරුණයෙකුට තියුණු ආයුධයකින් ගෙල සහ පපුව ප්‍රදේශයට කරන ලද පහර දීමක් හේතුවෙන් එම තරුණයා මිය යෑමේ ශෝචනීය පුවතක් හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මෙම සාහසීක ක්‍රීයාවෙන් මිය ගියේ 21 හැවිරිදි බලත්ගමුව, හෙම්මාතගම ලිපිනයේ පදිංචි තරුණයෙක්.
මෙම මරණය සිදු කර ඇති තරුණයා රත්නපුර, රත්තුරුගල, ගිලිමලේ ප්‍රදේශයේ අයෙක් බව පොලීස්‍ය පැවසුවා.
ඔහුගේ වයස අවුරුදු 23 ක් වන බව පොලිසිය සඳහන් කළා.
ඝාතනය සිදු කළ පුද්ගලයා වසර කිහිපයක සිට ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය විශ්වවිද්‍යාල සිසුවියක් බවද සඳහන්.
දෙදෙනාගේ සම්බන්ධතාවයට දෙමාපියන් ගේද ආශිර්වාදය හිමිව තිබූ බව සඳහන්.
නමුත් තරුණිය පරිගණක හෝ ජංගම දුරකථන භාවිතයෙන් කළ හැකි ක්‍රීඩාවක් කරන අතර එම ක්‍රීඩාව සඳහා හෙම්මාතගම, බලවත්ගම ප්‍රදේශයේ තරුණයාද සම්බන්ධ වි කාලයක් එම ක්‍රීඩාවේ නිරතව සිට තිබෙනවා.
මෙම ක්‍රීඩාව හරහා සජීවීව ක්‍රීඩකයන් සම්බන්ධ විමෙන් පවත්වන එකක් බව සඳහන්.
එහිදි තරුණිය සහ මරණයට පත් වු තරුණයා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇති අතර දෙදෙනා දුරකථන මාර්ගයෙන් මෙම සම්බන්ධතාවය පවත්වාගෙන ගෙන ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
කිහිප වතාවක් මෙම සම්බන්ධය නවත්වන ලෙස තරුණියගේ මුල් පෙම්වතා විසින් හෙම්මාතගම තරුණයාට අවවාද කර ඇති අතර සම්බන්ධය දිගටම පැවතීම හේතුවෙන් ඔහු හෙම්මාතගම තරුණයා මුණගැසීමට ඊයේ එම ප්‍රදේශය පැමිණ තිබෙනවා.
රත්නපුර ප්‍රදේශයෙන් පැමිණි තරුණයා තියුණු ආයුධයකින් හෙම්මාතගම ප්‍රදේශයේ තරුණයාගේ ගෙල සහ පපුව ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඇත්තේ එහිදීයි.
අනතුරුව 21 හැවිරිදි තරුණයා හෙම්මාතගම රෝහල වෙත ඇතුලත් කළ ද ඔහු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
පසුව ප්‍රදේශයේ පිරිසක් ඝාතනය කළ බවට සැකකරන තරුණයා අල්ලා හෙම්මාතගම පොලිසිය වෙත භාර දී තිබෙනවා.
මිය ගිය තරුණයා කෑගල්ල කාර්මික විද්‍යාලයේ මෝටර් රථ කාර්මික ශිල්පයෙකු ලෙස වැඩිදුර අධ්‍යාපන හදාරන බවද පොලිසිය සඳහන් කළා.
පොලිසිය පැවසුවේ ඔහුට තවත් පිරිමි සහෝදරයන් දෙදෙනෙක් සිටින බවයි.
මේ වන විට අත්අඩංගුවේ පසුවෙන පුද්ගලයා වායු සමීකරණ අලුත්වැඩියාව සම්බන්ධ රැකියාවක නිරත කාර්මික ශිල්පියෙක්.
