
පලස්තීන රාජ්‍යය පිළිගැනීමේ නිවේදනයක් අද කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසයි
එක්සත් රාජධානිය පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගැනීම පිලිබද නිවේදනයක් අද නිකුත් කිරීමට තමන් අපෙක්ෂා කරන බව එරට අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර් පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉකුත් ජුලි මාසයේ සිට ඊශ්‍රායලය වෙන කවරදාටත් වඩා පාලස්තීනුවන් ඉලක්ක කරගනිමින් ගාසා තීරයට එල්ල කල ප්‍රහාර තීව්ර කිරීමෙන් පසු එසේ නොකරන ලෙස පවසමින් කීර් ස්ටාර්මර් ඊශ්‍රායලයට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කලත් ඊශ්‍රායලය එම කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා මෙම තීරණය ගත් බවයි.