
මාලිමා රජයට වසරක් වෙද්දි රටෙන් 50%කට වඩා දුප්පත් – කියපු කිසි දෙයක් වෙලත් නෑ – විපක්ෂ නායක ගෙන් චෝදනා
මීට වසරකට පෙර අද වගෙ දවසක ජනාධිපතිවරණයක් පැවත්වු බවත්, වත්මන් ජනාධිපතිවරයා තරග කරන විට පැවසූ දේ වුණා දැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ගමින් ගමට නගරයෙන් නගරයට විපක්ෂ නායක ජංගම සේවය යටතේ කලා වැව ගල්නෑව බල ප්‍රදේශය ජනතාවගේ ගැටලු සොයා බැලීමට ගිය අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.
විදුලි බිල 33% කින් අඩු කරන බව පැවසූ ආණ්ඩුව දැන් විදුලි බල ක්ෂේත්රයේ 23,000 ක් සේවකයන්ගේ රැකියා අවදානමට ලක් කර ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා.
ඔහු පෙන්වා දෙන්නේ විදුලි බිල අඩු කිරීම වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටමින් විදුලි බිල වැඩි කරන්නට සැලසුම් සකස් කරමින් සිටින බවටයි.
පළාත් සභා මැතිවරණය පැවැත් වුව හොත් ජනතාව ආණ්ඩුවට පාඩම කියා දෙන බව ද විපක්ෂ නායකවරයා පැවසුවා.
