
ජනාධිපති අනුර කුමාර සැප්තැම්බර් 27 ජපානයට
ජපන් රජය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, මේ මස 27 වැනිදා සිට 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාතත්යාංශය පවසනවා.
මෙම සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා ජපන් අධිරාජයයා හමුවීමට නියමිතයි.
එසේම ජනාධිපතිවරයා ජපන් අග්රාමාතයවරයා සමඟ අන්‍යාන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක් ද පවත්වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාතත්යාංශය සදහන් කළා.
ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින්, ගෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින් ගේ ඉහළ පෙළේ නියෝජිතයින් ගේ සහභාගිත්වයෙන් පැවැත් වෙන ව්‍යාපාරික සංසදයක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමතීමට නියමිතයි.
2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී, ජපන් රජයේ ආරාධිතයකු ලෙස, “එක්ස්පෝ 2025 ඔසාකා” (EXPO 2025 Osaka) ප්‍රදර්ශනය සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වනු ඇති.
මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ ආර්ථික හැකියාවන් විදහා දැක්වීමයි.
ජනාධිපතිවරයා, ජපානයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ද අමතනු ඇති.
ජනාධිපති දිසානායක මහතා සමඟ මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට සහභාගී වීමට නියමිතයි.
