
ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි
ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) සිය අත්සන යොදා සහතික කළා.
මෙම පනත්කෙටුම්පත පසුගිය ජුලි 08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, මේ මස 11වැනිදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.
මෙම ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත මගින් 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම අරමුණ කර මෙම සංශෝධන සිදු කළා.
ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාල සීමාවන් සහ ක්‍රියා පටිපාටි ඇතුලු අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී තිබෙනවා.
වංචා හෝ දූෂණ සම්බන්ධශයන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිළි කිරීමට විගණකාධිපතිවරයාට සහ වාර්ෂික සවිස්තරාත්මක කළමණාමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස 5 සිට මාස 6 දක්වා දීර්ග කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුලත්.
සංශෝධන මගින් ප්‍රධාන ප්රඥප්තතියේ 42 සහ 43 වගන්ති යටතේ සිදු කරන පුද්ගල වැරදි සඳහා දඬුවම් සැලකිය යුතු ලෙස වැඩි කිරීම ද මෙම පනතින් සිදුකර තිබෙනවා.
ඒ අනුව කතානායකවරයාගේ අනුමැතිය ලබාදීමත් සමග මෙම ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 19 දරන ජාතික විගණන (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.
