විදුලි බල මණ්ඩලයේ සේවකයිගේ නිවාඩු අවලංගුයි

විදුලි බල මණ්ඩලයේ සේවකයිගේ නිවාඩු අවලංගුයි

ලංකා විදුලිබල මණ්ඩලයට පැවරී ඇති ජාතික වගකීම සහ 2025 සැප්තැම්බර් මස 21 දින නිකුත් කරන ලද අංක 2454/68 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇති බව සැලකිල්ලට ගෙන සේවා අවශ්‍යතාවය සලකා බලා වහාම ක්‍රියාත්මක
වන පරිදි ලං.වි.ම. සියළුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කරන බව දැනුම් දෙනවා.

එසේ වුවත්, අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාල ශාඛාවට/අංශයට අනුයුක්ත පළමුවන පංතියේ හෝ ඊට ඉහළ, විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින් හට නිවාඩු ලබාදිය හැකි බව අදාල දැනුම් දීමේ නිවේදනයේ දැක්වෙනවා.

Share This