ලංගම‍යේ ජා.ජ.බ. වෘත්තිය සමිති නායකයකුට එරෙහිව ලිංගික අපයෝජන පැමිණිල්ලක්

ලංගම‍යේ ජා.ජ.බ. වෘත්තිය සමිති නායකයකුට එරෙහිව ලිංගික අපයෝජන පැමිණිල්ලක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික ජන බලවේග වෘත්තිය සමිතියේ නායකයෙකුට එරෙහිව ලිංගික අපයෝජනයක් සම්බන්ධව නාරාහේන්පිට පොලිසියේ ළමා කාන්තා කාරයාංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ලිංගික අපයෝජනයට ලක්වූ කාන්තාව විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කළ බවයි නාරාහේන්පිට පොලිසිය සඳහන් කළේ.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ සී/ස ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා වහාම ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවිකාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ සේවිකාව කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ කළ බවයි නාරාහේන්පිට පොලිසිය සඳහන් කළේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ජාතික ජන බලවේග වෘත්තිය සමිතියට සම්බන්ධ ඉහළ නිලයක් දරන අයෙකු බව සඳහන්.

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ සී/ස ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා වහාම ධුරයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා මහතා පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මීට මාස කිහිපයකට පෙර සී/ස ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම ඈවර කිරීමට තීරණය කර තිබුණු අතර සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ යළිත් එම සමාගමේ මෙහෙයුම් කටයුතු සාර්ථක වූ බව සේවකයින් පවසනවා.

ඒ හේතුවෙන් සභාපතිවරයාගේ ඉවත් කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් සී/ස ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගමේ සේවකයින් අද පෙරවරුවේ විරෝධතාවක්ද සංවිධාන කර තිබුණා.

 

Share This