සංඥා භාෂා අයිතිය ගැන අගමැතිනියගෙන් පැහැදිළි කිරීමක්

සංඥා භාෂා අයිතිය ගැන අගමැතිනියගෙන් පැහැදිළි කිරීමක්

සෑම ප්‍රජාවකටම සංස්කෘතික ජීවිතය,පෞද්ගලික ජීවිතය, දේශපාලනික ජීවිතය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ප්‍රතිපත්ති සැලසුම් කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

“සංඥා භාෂා අයිතිය නොමැතිනම් මානව අයිතිවාසිකම් අහිමිය යන්න” තේමා කර ගනිමින් බත්තරමුල්ල සුහුරුපායේ ඊයේ (23) පැවති ජාතික සංඥා භාෂා දින සැමරුම් උළෙල අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ එක්ව අත්නොහැර සැම අතින්ම සමානාත්මතාවයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවයි.

Share This