හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න හා බුද්ධි ප්‍රධානි ඇතුළු තිදෙනා ඔක්තෝබර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න හා බුද්ධි ප්‍රධානි ඇතුළු තිදෙනා ඔක්තෝබර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

අලව්ව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නෙවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු බුද්ධි අංශ ප්‍රධානි විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි ඇතුළු තිදෙනා ලබන මස 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් උදුම්බරා දසනායක මහත්මිය අද නියෝග කලාය
මෙම නඩුව අද (24) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අවස්ථාවේ ඇප මත සිටින සැකකරුවන් හා බන්ධනාගාර ගතව සිටින 10 වන සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

11 වන සැකකරු වන හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න හා හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි, උඩුදුම්බර බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබුවා.

මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විත්තියේ නිතීඥයන් හා වින්දිත අයගේ නීතිඥයවරිය ද කරුණු දැක්වු අතර එම කරුණු පිළිබඳවද අවධානය යොමුකල මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව ඔක්තෝබර් මස 08 වන දින නැවත කැදවන බැවින් එදිනට සැකක්ෘවන් අධිකරණයට ඉදිරි පත් කරන ලෙස නියෝග කලා.

Share This